வடமேல் மாகாண சபை அரச சேவை ஆணைக்குழு
නිවේදනයයි (2022.05.30)
කුසලතා පදනම මත වයඹ පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම 2019 (2020)
සම්මුඛ පරීක්ෂණය කල්දැමීමයි.
2022.06.02 හා 03 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ ඉහත සම්මුඛ පරීක්ෂණය නොවැළැක්විය හැකි හේතුවක් මත එම දිනයන්හි නොපැවැත්වෙන අතර 2022.06.02 දිනට කැඳවීම් ලද නිලධාරීන් 2022.06.16 දිනටත් 2022.06.03 දිනට කැඳවීම් ලද නිලධාරීන් 2022.06.17 දිනටත්, මීට පෙර දැනුම් දී තිබූ වේලාවන්හිදී සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දන්වමි.
ටී.බී. වික්‍රමසිංහ
ලේකම්,
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
වයඹ පළාත.
උක්ත වැඩසටහන යටතේ බඳවාගනුලැබ දැනට අභ්‍යාසලාභීන් වශයෙන් පුහුණුව ලබන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අතරින් වයඹ පළාත් සභාවට අනුයුක්ත කිරීම සඳහා එවා ඇති 18 දෙනෙකුගේ නාමලේඛනයේ නම් සඳහන් අභ්‍යාසලාභීන් 18 දෙනා ද 2022.05.25 දින ප.ව. 3.00 ට සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී විය යුතු බව කාරුණිකව දන්වමි. (අදාල නාම ලේඛනය මෙම වෙබ් අඩවියේ පළ කර ඇත.)
එබැවින් පහත සඳහන් ලේඛනවල මුල් පිටපත් සහ ඡායා පිටපත් වෙන වෙනම සකස් කරගෙන ඡායා පිටපත්වල”මුල් පිටපතෙහි සත්‍ය පිටපතක් බවට සහතික කරමි.”යනුවෙන් ඔබ විසින් ලියා අත්සන් තබා නියමිත දින සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙනවිට රැගෙන එන ලෙස දන්වමි.
• උප්පැන්න සහතිකය
• ජාතික හැඳුනුම්පත
• උපාධි සහතිකය / ඩිප්ලෝමා සහතිකය(උපාධිය වලංගු වන දිනය පැහැදිලිව සඳහන් විය යුතුය)
• උපාධි ප්‍රතිඵලවලට අදාළ විස්තරාත්මක ලේඛනය(උපාධිය වලංගු වන දිනය පැහැදිලිව සඳහන් විය යුතුය)
• උපාධිධාරී අභ්‍යාසලාභී බඳවා ගැනීමේ ලිපිය
• සේවා ස්ථානයකට අනුයුක්ත කරන ලද ලිපිය
• පුහුණුව සඳහා වැඩභාරගත් ලිපිය
• ග්‍රාම නිලධාරී සහතිකය (අයදුම්කරුහට වයඹ පළාත තුළ වසර 03ක ස්ථීර පදිංචිය නොමැති අවස්ථාවල කලත්‍රයාගේ පදිංචි සහතිකය හා විවාහ සහතිකයද, අයදුම්කරුගේ පදිංචි සහතිකය සමඟ ඉදිරිපත් කළ යුතුය.)
• වර්තමාන සේවා ස්ථානයෙන් ලබා ගත් සේවා සහතිකය
• නිවාඩු විස්තරය
• සහතිකවල සඳහන් නම්වල වෙනසක් ඇත්නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක්.
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේදී මෙම වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රකාශ පත්‍රය ද සම්පූර්ණ කර රැගෙන ආ යුතු බවද සලකන්න.
ටී.බී. වික්‍රමසිංහ,
ලේකම්,
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධරයන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2021 (2022)
කුසලතා පදනම මත වයඹ පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීම 2019 (2020)
ඉහත කාරණයට අදාළව 2022.05.12 සහ 13 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණය 2022.06.02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිත අතර 2022.05.12 දිනට කැඳවීම් ලද නිලධාරීන් 2022.06.02 දිනටත් 2022.05.13 දිනට කැඳවීම් ලද නිලධාරීන් 2022.06.03 දිනටත්, මීට පෙර දැනුම් දී තිබූ වේලාවන්හිදී සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දන්වමි.
ටී.බී.වික්‍රමසිංහ,
ලේකම්,
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම – 2020
යටතේ බඳවාගත් උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින්
රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට පත්කිරීම
උක්ත වැඩසටහන යටතේ 2022.05.11 දින පැවැත්වීමට නියමිතව තිබූ, සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2022.05.25 දින පැවැත්වීමට නියමිත අතර, අදාල අභ්‍යාසලාභීන් එදින, පෙර නිවේදනයේ සඳහන් කර ඇති වේලාවන්හිදී සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දන්වමි.
(අදාල නාම ලේඛනය මෙම වෙබ් අඩවියේ පළ කර ඇත.)
ටී.බී. වික්‍රමසිංහ,
ලේකම්,
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව
විශේෂ දැනුම්දීමයි ! – 2022-05-11
මේ වන විට රටේ පවතින තත්ත්වය මත, 2022. 05. 12 සහ 13 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ වයඹ පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ කුසලතා මත අධි ශ්‍රේණියට උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණය නොපවත්වන බව කාරුණිකව දන්වන අතර, පැවැත්වෙන දිනය ඉදිරියේදී මෙම වෙබ් අඩවියෙහි දැන්වීමක් මඟින් දැනුම් දෙනු ලබන බවද කාරුණිකව දන්වා සිටිමි.
ටී.බී. වික්‍රමසිංහ
ලේකම්,
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
වයඹ පළාත.
විශේෂ නිවේදනයයි ! – 2022-05-10
මේ වන විට රටේ පවතින තත්ත්වය මත, 2022. 05. 11 දින පැවැත්වීමට නියමිතව තිබූ උපාධිධාරී අභ්යාසලාහීන්ගේ සම්මුඛ පරීක්ෂණය නොපවත්වන බව කාරුණිකව දන්වන අතර පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවද දන්වා සිටිමි
ටී.බී. වික්‍රමසිංහ -ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වයඹ පළාත.
විශේෂ දැනුම්දීමයි ! – 2022-05-09
උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022
රටේ පවතින හදිසි තත්වය හේතුවෙන් උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022 තැපැල් මාර්ගික අයදුම්පත් කැදවීමේ කාල සීමාව, පනවා ඇති පොලිස් ඇදිරිනීතිය කාලය අවසන් වන දින දක්වා වලංගුවන බව කාරුණිකව දන්වා සිටින අතර, Online Application ඇතුළත් කිරීමේ අවසන් දිනය 2022-05-10 බව ද වැඩිදුරටත් දන්වා සිටිමි
ටී.බී. වික්‍රමසිංහ -ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව
දැනුම්දීමයි (2022.05.05)
අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් සඳහා සංවර්ධන නිලධාරී සථිර පත්වවීම් ලබාදීම සඳහා 2021.05.11 දින පැවැත්ව්වන සම්මුඛ පරීක්ෂණයන්ට අදාළ වේලාවන් සහිත නාම ලේඛණ
නිවේදනයයි (2022.04.25)
2022-05-11 වන දින සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට නියමිත උපාධිධාරී අභ්‍යාසලාභින්ගේ නාම ලේඛණය පහත දැක්වේ.
Address : Provincial Public Service Commission (NWP), B gate, Provincial Office Complex, Kurunegala
Contact NO : 0372223471
Email : pscnwp@gmail.com
Copyright By Provincial Public Service Commission NWP – 21st December 2021